spot_imgspot_img
spot_img

බුම්රා, ජඩේජා සහ කුල්දීප් ඉදිරියේ කැන්ගරුවන් අසරණ වෙයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 49 පන්දු 03ක් තුළ සියල්ලන් දැවී ලකණු 199ක් රැස් කිරීමට සමත් වුණා.

ඉන්දීය දඟ පන්දුව හමුවේ අසරණ වූ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එතරම් ලකුණු අතරට පැමිණීමට හැකියාව ලැබුනේ නැහැ.

ඒ, අනුව ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් පිළිවෙලින් ලකුණු 41ක් සහ ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ රවීන්ද්‍ර ජඩේජා සිය පන්දුවාර 10 තුළ ලකුණු 28කට කඩුලු 03ක් දවාගත්තා.

ඊට අමතරව ජස්ප්‍රිත් බුම්රා සහ කුල්දීප් යාදෙව් අතරේ කඩුලු 02ක බැඟින් බෙදී ගියා.

ඒ, අනුව චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය ජය ගැනීමට ඉන්දීය පිළට ලකුණු 200ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?