බීඩි කොළ තොගයක් මීගමුවේදී අත්අඩංගුවට

මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ හා මීගමුව, කළපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1447 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම බීඩි කොල තොගය නාවික හමුදා මෙහෙයුම් හමුවේ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමා ඇති බවටයි සැක කෙරෙන්නේ.

වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් ඊයේ (26) මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ උර 21ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා. ‍

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමන ලද බවට සැක කෙරෙන එම උර 21හි අසුරා තිබූ බීඩි කොළ කිලෝ 1026 ග්‍රෑම් 770ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, නාවික හමුදාවට ලද තොරතුරක් මත ඊයේ මීගමුව, පිටිපන කලපු ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කළපුවේ නවතා තිබූ ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී එම ඩිංගි යාත්‍රාවේ උර 13ක අසුරා සඟවා තිබූ බීඩි කොළ කිලෝ 420යි ග්‍රෑම් 900 ක පමණ තොගයක් සොයාගත් බවයි නාවික හමුදාව කියාසිටියේ.

නාවික හමුදා භාරයට ගත් කිලෝ 1447 ග්‍රෑම් 670 ක බීඩි කොළ ‍‍තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නිතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?