බීඩි කොළ තොගයක් මීගමුවේදී අත්අඩංගුවට

මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ හා මීගමුව, කළපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1447 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම බීඩි කොල තොගය නාවික හමුදා මෙහෙයුම් හමුවේ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමා ඇති බවටයි සැක කෙරෙන්නේ.

වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් ඊයේ (26) මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ උර 21ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා. ‍

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමන ලද බවට සැක කෙරෙන එම උර 21හි අසුරා තිබූ බීඩි කොළ කිලෝ 1026 ග්‍රෑම් 770ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, නාවික හමුදාවට ලද තොරතුරක් මත ඊයේ මීගමුව, පිටිපන කලපු ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කළපුවේ නවතා තිබූ ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී එම ඩිංගි යාත්‍රාවේ උර 13ක අසුරා සඟවා තිබූ බීඩි කොළ කිලෝ 420යි ග්‍රෑම් 900 ක පමණ තොගයක් සොයාගත් බවයි නාවික හමුදාව කියාසිටියේ.

නාවික හමුදා භාරයට ගත් කිලෝ 1447 ග්‍රෑම් 670 ක බීඩි කොළ ‍‍තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නිතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:23
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්න
02:24
Video thumbnail
ප්‍රා.මහ ලේකම් කාර්යාලය වටලපු වතු කම්කරුවන් - වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
06:48
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25