spot_imgspot_img
spot_img

බිරිඳගේ පහරදීමෙන් සැමියා මියයයි

ඉපලෝගම, විජිතපුර ප්‍රදේශයේදී කාන්තාවක් මුගුරකින් කළ පහරදීමකින් එම කාන්තාවගේ සැමියා මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ (18) මෙම ඝාතනය සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ඝාතනය සිදු කළ බව කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අඹු සැමි යුවළ අතර දීර්ඝ කාලයක සිට තිබූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙලෙස බිරිඳ විසින් සැමියාට මුගුරකින් පහරදී ඝාතනය කර ඇති බව සඳහන්.

මියගොස් ඇත්තේ විජිතපුර පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙක්. එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව 47 හැවිරිදි අයෙක් වනවා.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

අත්අඩංගුවට ගෙන සිටින සැකකාර කාන්තාව ද අද කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉපලෝගම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?