AFC Banner
Empty Ad
Empty Ad

බැල්ටිමෝර් පාලමේ ගැටුණු නෞකාවේ විෂ අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට හෙළිවෙයි

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අමෙරිකාවේ බැල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට ලක්වූ ඩාලි නෞකාව තුළ ටොන් 746ක විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අඩි 984ක් දිගින් යුතු එම නෞකාව තුළ විෂ ද්‍රව්‍ය රැගත් බහාලුම් 56ක් තිබී ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර සිටියා.

ඒ තුළ, පුපුරන ද්‍රව්‍ය සහ ලිතියම් අයන් බැටරි ඇතුළු මළකඩ කෑමට ලක්වන ද්‍රව්‍ය, ගිනිගන්නා සුළු ද්‍රව්‍ය, විවිධ අන්තරායකර ද්‍රව්‍ය සහ 9 වැනි කාණ්ඩයට අයත් අන්තරායකර ද්‍රව්‍ය තිබී ඇති බව සඳහන්.

අනතුර සිදුවූ අවස්ථාවේදී අදාළ බහාලුම්වලින් 14ක් පැටැප්ස්කෝ ගංගාවට ඇද වැටී ඇති අතර ඒ හේතුවෙන් ගංගාවේ ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටළු මතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා.

එහි අනෙකුත් බහාලුම් 4,644ක තිබූ දෑ තීරණය කිරීම සඳහා තවමත් නෞකාවේ භාණ්ඩ ලේඛනය විශ්ලේෂණය කරමින් සිටින බවයි, එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
4
+1
2
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර කියන්නේ ශ්‍රී ලංකාවේ ෂර්ලොක් හෝම්ස්
03:12
Video thumbnail
දියවන්නා තරණයට මම සූදානම්... - මැති සබේ මුහුණු පොත
00:00
Video thumbnail
හදීසියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කිඹුල් කඳුලු හෙලපු ගම්මන්පිලට බීපු කිරි මතක් වෙන්නම දෙසයි #pasku
18:38
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙත් යටිකූට්ටු වැඩ ඕන් දැන් එළියට - දෙවනි අරගලයක පෙර නිමිති #akd #npp
04:01
Video thumbnail
මැතිවරණ කොමසාරිස් හදීසියේ කළ විශේෂ ප්‍රකාශය #election2024
03:27
Video thumbnail
ජනපති අනුරත් - සජිත් ප්‍රේමදාසත් එකට එකතු වුණාම - රටටත් හොඳයි - ජනතාවටත් හොඳයි #sajithpremadasa
01:23
Video thumbnail
කචල් සජබයේ ඇත්තම පිපිරීම ජේෂ්ඨයෝ පිළිගනී - "හිරුණිකාට මම ඊයේ රෑත් කතා කළ" #sjb
03:04
Video thumbnail
මානව ඉතිහාසය වෙනස් කළ මොහොත #INTERNATIONAL_INSIGHT #globalnews
08:55
Video thumbnail
තිස්ස බොදු දරුවෙක් වෙයි - ආණ්ඩුවේ ගුණ වයයි #sajithpremadasa #anurakumaradissanayake
01:37
Video thumbnail
මාලිමාව ජනතාවට කියලා ආපු දේ නෙමෙයි කරන්නේ
04:05

?