බැල්ටිමෝර් පාලමේ ගැටුණු නෞකාවේ විෂ අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට හෙළිවෙයි

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අමෙරිකාවේ බැල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට ලක්වූ ඩාලි නෞකාව තුළ ටොන් 746ක විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අඩි 984ක් දිගින් යුතු එම නෞකාව තුළ විෂ ද්‍රව්‍ය රැගත් බහාලුම් 56ක් තිබී ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර සිටියා.

ඒ තුළ, පුපුරන ද්‍රව්‍ය සහ ලිතියම් අයන් බැටරි ඇතුළු මළකඩ කෑමට ලක්වන ද්‍රව්‍ය, ගිනිගන්නා සුළු ද්‍රව්‍ය, විවිධ අන්තරායකර ද්‍රව්‍ය සහ 9 වැනි කාණ්ඩයට අයත් අන්තරායකර ද්‍රව්‍ය තිබී ඇති බව සඳහන්.

අනතුර සිදුවූ අවස්ථාවේදී අදාළ බහාලුම්වලින් 14ක් පැටැප්ස්කෝ ගංගාවට ඇද වැටී ඇති අතර ඒ හේතුවෙන් ගංගාවේ ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටළු මතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා.

එහි අනෙකුත් බහාලුම් 4,644ක තිබූ දෑ තීරණය කිරීම සඳහා තවමත් නෞකාවේ භාණ්ඩ ලේඛනය විශ්ලේෂණය කරමින් සිටින බවයි, එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27