spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැල්ටිමෝර් පාලමේ ගැටුණු නෞකාවේ විෂ අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට හෙළිවෙයි

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අමෙරිකාවේ බැල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට ලක්වූ ඩාලි නෞකාව තුළ ටොන් 746ක විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අඩි 984ක් දිගින් යුතු එම නෞකාව තුළ විෂ ද්‍රව්‍ය රැගත් බහාලුම් 56ක් තිබී ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර සිටියා.

ඒ තුළ, පුපුරන ද්‍රව්‍ය සහ ලිතියම් අයන් බැටරි ඇතුළු මළකඩ කෑමට ලක්වන ද්‍රව්‍ය, ගිනිගන්නා සුළු ද්‍රව්‍ය, විවිධ අන්තරායකර ද්‍රව්‍ය සහ 9 වැනි කාණ්ඩයට අයත් අන්තරායකර ද්‍රව්‍ය තිබී ඇති බව සඳහන්.

අනතුර සිදුවූ අවස්ථාවේදී අදාළ බහාලුම්වලින් 14ක් පැටැප්ස්කෝ ගංගාවට ඇද වැටී ඇති අතර ඒ හේතුවෙන් ගංගාවේ ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටළු මතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා.

එහි අනෙකුත් බහාලුම් 4,644ක තිබූ දෑ තීරණය කිරීම සඳහා තවමත් නෞකාවේ භාණ්ඩ ලේඛනය විශ්ලේෂණය කරමින් සිටින බවයි, එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?