Monday, January 13, 2025
Empty Ad
AFC Banner
AFC Banner

බාගෙට රෙදි ගලවා ගත් හරීන් බදුල්ල ටවුම මැද යකා නටයි (වීඩියෝ)

පවතින මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බදුල්ල නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් අතර අද (11) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් පැළඳ සිටි ඇඳුම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින්ට සහ පොලීසියට නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම පස්දෙනෙකුට වඩා වැඩි පිරිසක් මෙම ප්‍රචාරක කටයුතු සඳහා එක්ව ඇති අතර, එය ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි පොලිසිය පවසා ඇත්තේ.

ඒ අනුව එම ප්‍රචාරක කටයුතු නතර කිරීමටයි අදාළ පිරිසට උපදෙස් ලබා දී ඇත්තේ.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් සහ පොලීසය සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ඊයේ (10) දිනයේ බණ්ඩාරවෙල නගරයේ දී ද හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතර තුර පොලිස් නිලධාරීන් සමඟ වචන හුවමාරුවක පැටලෙන ආකාරය දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
71
+1
3
+1
4
+1
5
+1
28
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින දසත බෝපත ධර්ම සාකච්ඡාව - සජීවීව
01:19:47
Video thumbnail
යළි ගේමට බහින මර්වින් සිල්වා - වයස කියන්නේ ඉලක්කමක් විතරයි
09:02
Video thumbnail
දුරුතු පොහෝ දිනයේ රා විකුණපු පුද්ගලයෙක් කොටුවෙයි
00:55

?