බස් අනතුරකින් මගී ජීවිත බේරා ගත් තරුණයා (ඡායාරූප)

මහනුවර සිට මහියංගණය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් විශාල අනතුරකින් වළක්වා ගැනීමට එහි සිටි මගී තරුණයෙකු කටයුතු කළ සිදුවීමක් වාර්තා වනවා.

මෙම පෞද්ගලික බස් රථය උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවකදී රියදුරු අසුන අසල ඇති දොරටුව විවෘත වී රියදුරා ඉවතට විසිවී ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව රියදුරාගේ පාලනයක් නොමැති බස් රථය මාර්ගයෙන් ඉවතට පැන වේගයෙන් ධාවනය වී ඇතැයි සඳහන්.

එහිදී රියදුරු අසුන අසල ආසනයේ සිටි තරුණයෙකු ක්ෂණිකව ක්‍රියාත්මක වී රියදුරු අසුනට පැන තිරිංග ක්‍රියාත්මක කර බසය නතර කරගෙන තිබෙනවා.

බස් රථය නතරවී ඇත්තේ විශාල ප්‍රපාතයක් ආසන්නයේදීයි. බස් රථය මෙලෙස නතර කරගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ තරුණයෙක්.

බස් රථය මෙම සිදුවීමට ලක්වන විට එහි මගීන් 50ක පමණ පිරිසක් ගමන් කරමින් සිට තිබුණා.

1 5
2 4
3 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
28
+1
2
+1
8
+1
9
+1
0
+1
10
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?