බදියුදීන්ගේ නිවසේදී දිවි අහිමි වූ දැරියගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි 5 වනදා

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාල වයස්කාර දැරියක් පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාලව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි 5 දින යළි කැඳවිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන අද (17) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි දෙවන සාක්ෂිකරු වන මියගිය දැරියගේ සහෝදරයා අධිකරණයේදී සාක්ෂි ලබාදෙනු ලැබුවා.

එහිදී සිද්ධියට අදාලව වැඩිදුර සාක්ෂි විභාගය මැයි 5 දින දක්වා කල් තැබුවා.

මෙම සිද්ධියේ සිව්වන සැකකරු වන රිෂාඩ් බදියුදීන් හා පස්වන සැකකරුවන බදියුදීන් අබ්දුල් රිෂාඩ් යන සැකකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන ලෙස පෙර නඩු වාරයේදී අධිකරණයෙන් නියම කර තිබුණා.

ඒ අනුව මෙම සිද්ධියේ පළමු විත්තිකරු වන දැරියව මෙහෙකාර සේවය සඳහා ලබා දුන් බව කියන පොන්නයියා පණ්ඩාරම්, දෙවන විත්තිකරු වන රිෂාඩ් බදියුදීන්ගේ මාමණ්ඩිය බව කියන අලි ඉබ්‍රාහිම් කිදර් මොහොමඩ්, හා තෙවන සැකකාරිය වන රිෂාඩ් බදියුදීන්ගේ බිරිය වන කිදර් මොහොමඩ් ශිහාබ්දීන් අයීෂා, යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නඩු පවරන ලෙසටද පෙර නඩු වාරයේදී අධිකරණයෙන් නියම කර තිබුණා.

කෲරත්වයට පත් කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළඳාම, ඇතුලු චෝදනා කීපයක් යටතේ කොළඹ දකුණ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි හිෂාලිනී ජූඩ් කුමාර් නමැති බාල වයස්කාර දැරියක් සිරුරට ගිනි ඇවිලීමෙන් එසේ මියගොස් ඇති බවද අධිකරණයෙන් හෙළිව තිබුණා.

ඉහත සඳහන් පළමුවන සැකකරු වන පොන්නයියා පණ්ඩාරම් නැමැත්තා එම දැරියව මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි රිෂාඩ් බදියුදීන්ගේ නිවසට බාරදී ඇති බවත් ඒ වනවිට එම දැරිය 15 හැවිරිදි වියේ පසුව ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනය සිදුකළ බොරැල්ල පොලිසිය පෙර නඩු දිනයකදී අධිකරණයට වාර්තා කර තිබුණා.

වසර කීපයක් එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඇයගේ සිරුරට 2021 ජූලි මස 3 වන දින ගිනි ඇවිලි ඇති බවත් පසුව ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 15 දින මියගොස් ඇති බවද පොලිසිය අධිකරණයට දැක්වූ වාර්තාවේ සඳහන්ව තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මූලික විමර්ශන සිදු කළ අතර පසුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණා ළමා හා කාන්තා කාර්යාංශය එම විමර්ශන ඔවුන් භාරයට ගෙන තිබුණා.

ඒ අනුව විමර්ශන අංශ මෙම සිද්ධියට අදාළව 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර එම විමර්ශන වල ප්‍රතිඵලයක් වශයෙන් ඉහත සඳහන් විත්තිකරුවන් තිදෙනා ඇතුළු පස් දෙනකු සැකකරුවන් වශයෙන් නම් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00