පාස්කු විමර්ශන පිළිබඳව වත්මන් රජය සුබවාදී පිළිවෙතක් අනුගමනය කරනවා – කාදිනල් හිමිපාණන් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳව වත්මන් රජය වඩාත් සුබවාදී පිළිවෙතක් අනුගමනය කරන බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර හතක් පිරීම නිමිත්තෙන් පැවති විශේෂ සැමරුමට අද (21) දිනයේ එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් සිදුකරගෙන යන එම විමර්ශනවලට විවිධ වූ බාධා එල්ල කරන්නට ඇතැම් නිලධාරීන් ක්‍රියාත්මක වී ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

සත්‍ය සෙවීම සඳහා අවංක ලෙස ක්‍රියා කිරීමේ දී මෙම කුමන්ත්‍ර සඳහා සම්බන්ධ වූ ඇතැම් දේශපාලනික බලවේග කුලප්පු විවිධ දුර්මත නිර්මාණය කරමින් විමර්ශන නොමඟ යැවීමට උත්සාහ කරන බවයි කාදිනල් හිමිපාණන් මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මෙහිදී අදහස් දක්වමින් කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ පාස්කු ප්‍රහාරයට යම් අයෙක් සෘජුව හෝ වක්‍රව සම්බන්ධ ඇත්නම් ඔහුගේ නිලය, බලය සහ ධනය නොතකා ප්‍රශ්න කර තොරතුරු ලබාගැනීම සිදුකළ යුතු බවයි.

එමෙන්ම තම හිතවතුන් ආරක්ෂා කිරීම සඳහා රණවිරු ලේබලය තුළ ඔවුන් සැඟවීමට උත්සාහ කිරීම ඉතා නින්දිත ක්‍රියා මාර්ගයක් බවයි උන්වහන්සේ පවසා සිටියේ.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය, කාලයේ වැලි තලාවන්ට යට වී යන්නට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ලබාදුන් පොරොන්දුව යථාර්තයක් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග තව දුරටත් ඉදිරියට ගෙන යනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් පැවසුවේ.

  1. සිංහල ජනතාව , ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ට ” රණවිරු ” සීන් එක ද දමිල ජනතාවට හා LTTE කාඩර්වලට “මහවිරු ” සීන් එක ද පෙන්වා එම දෙපාර්ශ්වයටම රීංගු ලංකාව ත්‍රස්තවාදී මුස්ලිම්කරණය කීරීමේ isis ඉරාන පලස්තීන මුස්ලිම් ත්‍රස්තවාදීන් 1977 සිට කල සිංහල හා දමිල ජන සංහාරය වහාම අණාවරණය පරාජය කිරීමට ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය රජය ලබා ගත යුතුය. නැතහොත් මේ රැවටීම් වල අවසානය ලංකාව ගාසාව වීම පමණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30