අනියම් පෙමක් නිසා දරුවාට සිය මව අහිමි වෙයි

වටවල පොලිස් වසමට අයත් වැලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි එක්දරු මවක් සිය සැමියා විසින් අද (17) දින අලුයම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වටවල පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනට ලක්ව ඇත්තේ වටවල, වැලිඔය වත්තේ, යු.කේ.ඩී.කොටසේ සිය මවගේ නිවසේ පදිංචිව සිටි ශන්මුගනාදන් තිලකරාණි නැමති එක් දරු මවක්.

ඇය විදේශගතව සිට දැනට මාස 3කට ප්‍රථම සිය සැමියා පදිංචි ගලහා පුපුරැස්ස ප්‍රදේශයේ නිවසට පැමිණ ඇති අතර, මීට සති දෙකකට ප්‍රථම ඇය සිය දරුවාද සමග වැලිඔය වත්තට පැමිණ ආපසු නිවසට ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.

පසුව සැමියා විසින් ඇය පදිංචිව සිටි වතුයායට පැමිණ ඇය සම්බන්ධයෙන් තොරතුරු විමසිමේ දි ඇය එම වතුයායෙම තරුණයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට එම වතුයායේ පදිංචි කිහිපදෙනෙක් විසින්
තොරතුරු ලබා දීමෙන් අනතුරුව උරණ වු සැමියා එම සම්බන්ධතාවය නතර කරන ලෙසට බිරිදට බැන වැදී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දෙදෙනා අතර ඊයේ (16) දින පස්වරුවේ සිට බහින්බස්වීම් සිදු වී ඇති බවත්, පසුව ඇයව අද (17) අලුයම් කාලයේ නිදි යහනේදිම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවයි වටවල පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 30ක් වූ සැකකරු සහ අනියම් පෙම්වතා වටවල පොලිසිය මගින් සැකපිට
අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඝාතනය සම්බන්ධයෙන් වටවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27