Fly high Get bonus Aviator Phone

බණ්ඩාරවෙල සිඟිති පාතාලයේ පස්දෙනෙක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් අතර, ඇති වූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු එම සැකකාර සිසුන් අද (23) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

අප සිදුකළ සොයා බැලීමක දී අනාවරණය වුණේ මෙම පහරදීමේ සිද්ධියට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් තුනක 11 වන වසරේ සිසුන් පිරිසක් සම්බන්ධ බවයි.

මෙම පහරදීමට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමඟ බණ්ඩාරවෙල පොලීසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහි සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදෙන ආකාරය සහ තියුණු ආයුධයකින් තුවාල සිදුකිරීමට උත්සහ කිරීමට යන ආකාරය දැක්වෙන අතර, මෙහිදී තුවාල ලැබූ එක් සිසුවෙක් රෝහල් ගතව ඇති බවත් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
17
+1
19
+1
1
+1
9
+1
8
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?