විදෙස් රටවල සැඟවී සිටින, මෙරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.
රටම එකට ජාතික මෙහෙයුම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා අද (13) පෙරවරුවේ එක්වෙමින්
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.
2024, 2025 සහ මෙම වසරේ ගතවූ කාලය තුළ මෙම රතු නිවේදන ඔස්සේ සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවත්, පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම මත තවත් ප්‍රමුඛ පෙළේ අපරාධකරුවන් 35 දෙනෙකු මෙරටට රැගෙන ඒමට හැකිවූ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
මෙලෙස මෙරටට ගෙන්වා ගන්නා ලද සැකකරුවන් විසින් නීති විරෝධී ලෙස උපයාගත් වාහන, නිවාස, රත්තරන් සහ ඉඩම් ඇතුළු විශාල දේපළ ප්‍රමාණයක් රාජසන්තක කිරීමේ විශේෂ වැඩසටහනක්ද මේ වනවිට ක්‍රියාත්මක බවත්, 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 839ක් වටිනා නීතිවිරෝධී දේපළ රාජසන්තක කිරීමට නීතිමය ප්‍රවේශයන්ද මේ වන විටත් ආරම්භ කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.













