ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ එම බලකායේ සාමාජිකයන් අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා වුණා.

දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන කසළ කළමනාකරණ නව වැඩසටහන පිළිබඳව සාමාජිකයන් දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණ අංශයක් ජනාධිපති කාර්යාලය තුළ පිහිටුවීම කෙරෙහිද මෙම හමුවේදී අවධානය යොමු කෙරුණා.

තෝරාගත් නගර කිහිපයක් ආදර්ශවත් නගර බවට පත් කිරීම සහ කොළඹ මහනගර බල ප්‍රදේශය තුළ කසළ කළමනාකරණය, නගර අලංකරණය, ඇළ මාර්ග පිරිසිදු කිරීම, මලාපවහන පද්ධති නවීකරණය කිරීම, උද්‍යාන නිසි පරිදි ප්‍රතිසංස්කරණ කිරීම ආදී වැඩසටහන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඒ වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද අවධාරණයට ලක් වුණා.

මීට අමතරව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අයත් ප්‍රධාන කුලුනු තුනෙන්, දෙකක් වන සමාජීය සහ ආචාර ධාර්මික කුලුනු සඳහා වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරි වසරේ කටයුතු සැලසුම් කළ යුතු බවටද මෙහිදී සාකච්ඡා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14