Fly high Get bonus Aviator Phone

‘බටානා’ සොරකම් කළ බව කියා 15 හැවිරිදි දරුවෙකුට පහරදීලා

වගා බිමකින් ‘බටානා’ සොරකම් කළ බවට චෝදනා කරමින් වයස අවුරුදු 15ක දරුවෙකුට පහර දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා.

කල්පිටිය – මණ්ඩලකුඩාව ප්‍රදේශයේ දී ඊයේ (30) පස්වරුවේ මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කල්පිටිය – කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි දරුවෙක් වන අතර, ඔහු ප්‍රතිකාර සදහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර කෑමට ලක් වූ දරුවා තමත් දරුවන් දෙදෙනෙකු ද සමඟ කල්පිටිය – මණ්ඩලකුඩාව ප්‍රදේශයේ ඇති බටානා වගාවක් ආසන්නයෙන් ගමන් කරමින් සිට ඇති අතර,එහිදී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු දරුවන්ගේ අතට බටානා සහිත මල්ලක් ලබා දී තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා විසින් එක් දරුවෙකුට පහර දී ඇත්තේ බටානා සොරකම් කළ බවට චෝදනා කරමින්.

පහරදීම සිදුකර අවස්ථාවේ අනිත් දරුවන් දෙදෙනා පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අද (31) පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කල්පිටිය පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටුනායක කර්මාන්තශාලාවක් නැවැත්වීමෙන් කම්කරුවන් 1200කගේ රැකියා අහිමිවේ
14:45
Video thumbnail
ම#රණය අතේ තියාගෙන විදුලි ට්‍රාන්ස්පෝමරයෙන් මහ රෑ තඹ කම්බි කපන හැටි
01:42
Video thumbnail
රැග් දෙනවනම්..ඌව අල්ලලා ගස් බැදපියව්.. සීලරතන හිමි ෆයර් වෙයි
04:17
Video thumbnail
දෑතට විලංගු වැටුණු රඹුක්වැල්ලගේ පුතා පියාගේ අඩිපාරෙම යන හැටි
01:25
Video thumbnail
දයාසිරිට නහුතෙට තදවෙයි - මුලාසනයට කියපු සැර කතාව
07:15
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
04:04:24
Video thumbnail
අනුරගේ දැන් තියෙන්නේ ගජමිතුරු දේශපාලනයක්.. දයාසිරි අනුරට රිදෙන්නම දෙයි
17:56
Video thumbnail
මෙන්න වැඩක් - ලක්ෂ 59 ක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
03:45
Video thumbnail
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වුණු හැටි මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:16
Video thumbnail
අදත් නාමල් රාජපක්ෂ අධිකරණයට - එළියට එද්දී කියපු සැර කතාව
03:59

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?