spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘බටානා’ සොරකම් කළ බව කියා 15 හැවිරිදි දරුවෙකුට පහරදීලා

වගා බිමකින් ‘බටානා’ සොරකම් කළ බවට චෝදනා කරමින් වයස අවුරුදු 15ක දරුවෙකුට පහර දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා.

කල්පිටිය – මණ්ඩලකුඩාව ප්‍රදේශයේ දී ඊයේ (30) පස්වරුවේ මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කල්පිටිය – කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි දරුවෙක් වන අතර, ඔහු ප්‍රතිකාර සදහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර කෑමට ලක් වූ දරුවා තමත් දරුවන් දෙදෙනෙකු ද සමඟ කල්පිටිය – මණ්ඩලකුඩාව ප්‍රදේශයේ ඇති බටානා වගාවක් ආසන්නයෙන් ගමන් කරමින් සිට ඇති අතර,එහිදී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු දරුවන්ගේ අතට බටානා සහිත මල්ලක් ලබා දී තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා විසින් එක් දරුවෙකුට පහර දී ඇත්තේ බටානා සොරකම් කළ බවට චෝදනා කරමින්.

පහරදීම සිදුකර අවස්ථාවේ අනිත් දරුවන් දෙදෙනා පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අද (31) පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කල්පිටිය පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?