spot_imgspot_img
spot_img

බංග්ලාදේශයට කඩුලු 6ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සමග පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

තරගය අද පැවැත්වුණේ ධර්මසාලා හිදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 37යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 156ක් පමණයි.

Rahmanullah Gurbaz ලකුණු 47ක් ලබා ගත්තා. Shakib Al Hasan සහ Mehidy Hasan Miraz කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව එම තරගය ජය හිමිකර ගැනීමට බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 157ක්.

ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශය පන්දුවාර 34යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Mehidy Hasan Miraz ලකුණු 57ක් ලබා ගත් අතර Najmul Hossain Shanto නොදැවී ලකුණු 59යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?