spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංගලි පන්දු යවන්නන්ට සධීර සහ මෙන්ඩිස්ගෙන් අත දිගහැර ප්‍රහාරයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි විස්ස තරගාවලිය අද (04) සිල්හෙට් හිදී ආරම්භ වුණා.

පළමු තරගයේ කාසිය වාසිය හිමිකරගත් බංග්ලාදේශ නායකයා පළමුව පන්දුවට පහරදීමට දෙවරක් නොසිතාම ශ්‍රී ලංකා පිළට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 206ක් ලකුණු පුවරුවට එක් කළා.

මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකරමින් කුසල් මෙන්ඩිස් අද සිය 13 වන විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 59ක් රැස් කළා.

තුන්වන කඩුල්ල වෙනුවෙන් මෙන්ඩිස් සමග සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූ සධීර සමරවික්‍රම සිය
දෙවන විස්සයි විස්ස අර්ධ ශතකය අද රැස් කිරීමට
සමත් වුණා.

සධීර මෙම තරගයේ දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 61ක්.

අද දවසේ පිතිකරණයේ උසස්වීමක් ලබා අංක තුන ස්ථානයේ ක්‍රීඩා කිරීමට පැමිණි කමිදු මෙන්ඩිස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 19ක්.

මෙම තරගයේ දී නායකතවයේ වගකීම සිය උරමතට ගනිමින් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 21ක් තුළ ලකුණු 41ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී ටස්කින් අහමඩ්, රිශාඩ් හුසේන් සහ ශරිෆුල් ඉස්ලාම් එක් කඩුල්ල බැගින් බිද දැමුවා.

ඒ, අනුව තරගය ජයගැනීමට බංග්ලාදේශයට පන්දු 120ක් තුළ ලකුණු 207ක ප්‍රබල ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?