බංගලි පන්දු යවන්නන්ට සධීර සහ මෙන්ඩිස්ගෙන් අත දිගහැර ප්‍රහාරයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි විස්ස තරගාවලිය අද (04) සිල්හෙට් හිදී ආරම්භ වුණා.

පළමු තරගයේ කාසිය වාසිය හිමිකරගත් බංග්ලාදේශ නායකයා පළමුව පන්දුවට පහරදීමට දෙවරක් නොසිතාම ශ්‍රී ලංකා පිළට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 206ක් ලකුණු පුවරුවට එක් කළා.

මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකරමින් කුසල් මෙන්ඩිස් අද සිය 13 වන විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 59ක් රැස් කළා.

තුන්වන කඩුල්ල වෙනුවෙන් මෙන්ඩිස් සමග සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූ සධීර සමරවික්‍රම සිය
දෙවන විස්සයි විස්ස අර්ධ ශතකය අද රැස් කිරීමට
සමත් වුණා.

සධීර මෙම තරගයේ දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 61ක්.

අද දවසේ පිතිකරණයේ උසස්වීමක් ලබා අංක තුන ස්ථානයේ ක්‍රීඩා කිරීමට පැමිණි කමිදු මෙන්ඩිස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 19ක්.

මෙම තරගයේ දී නායකතවයේ වගකීම සිය උරමතට ගනිමින් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 21ක් තුළ ලකුණු 41ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී ටස්කින් අහමඩ්, රිශාඩ් හුසේන් සහ ශරිෆුල් ඉස්ලාම් එක් කඩුල්ල බැගින් බිද දැමුවා.

ඒ, අනුව තරගය ජයගැනීමට බංග්ලාදේශයට පන්දු 120ක් තුළ ලකුණු 207ක ප්‍රබල ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17