පෝලන්ත තරුණියන් දැක සිල් බිඳගත් හිමිනම අත්අඩංගුවට

පෝලන්ත ජාතික 26 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන හිමිනමක් හපුතලේ පොලිසිය විසින් අද (06) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ විහාරස්ථානය වැඩ විසූ වයස අවුරුදු 18ක හිමිනමක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සංචාරයක් සඳහා මෙරටට පැමිණි පෝලන්ත ජාතික තරුණියන් දෙදෙනෙක් ඊයේ (05) එම විහාරස්ථානය අසල මාර්ගයේ ගමන් කරමින් සිටිය දී සැකකාර හිමිනම ඔවුන්ට පවසා ඇත්තේ විහාරස්ථානය නැරඹීමට පැමිණෙන ලෙසයි.

එම ආරාධනයට අනුව අදාළ විදෙස් තරුණියන් දෙදෙනා විහාරස්ථානයට ගොස් ඇති අතර, එහිදී විහාරස්ථානයේ ඇති ස්ථාන සැකකාර හිමිනම ඔවුන්ට පෙන්වා තිබෙනවා.

පසුව හිමිනම, එක් තරුණියක් විහාරස්ථානයේ ඇති දේවාලය තුළ කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී ඇයගේ ශරීරය අනවශ්‍ය ලෙස ස්පර්ශ කරමින් අතවරයට ලක්කර ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පෝලන්ත ජාතික තරුණිය හපුතලේ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුවයි සැකකාර හිමිනම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු හිමිනම අද (06) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි හපුතලේ පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40