වසර ගණනක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන පද්මා රංජනී කුඩුනෝනා නම් කාන්තාවක් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ට, මත්ද්‍රව්‍ය ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ දී අදාළ කාන්තාව මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
සැකකාරිය වයස අවුරුදු 54ක් වන
වයස අවුරුදු 54ක් වන සැකකාරිය කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සකක්රිය අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් විකිණීම සදහා සූදානම් කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් ඉපැයූ බවට සැකකෙරෙන රුපියල් හතළිස් අටදහසක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මීට පෙරද මෙම කාන්තාව මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ අත්තඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඊට පසුවද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම් සඳහා පොලිසියට අවශ්‍යකර සිට ඇති බවයි පැවසෙන්නේ.













