spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් නිලධාරිනියක් ට්‍රක් රථයකට යටවී මිය යයි

කාන්තා පොලිස් නිලධාරීනියක ඊයේ (20) සවස බූම් ට්‍රක් රථයකට යටවී මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ දොඩංගොඩ පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සැරයන් දමයන්ති වීරසූරිය නමැති කාන්තා නිළධාරිනියක බව පොලිසිය සඳහන් කළා.

මියගොස් ඇති පොලිස් නිලධාරිනිය රාජකාරි නිමවා බසයෙන් ගොස් මලබඩ හන්දියේ දී බසයෙන් බැස පදික මාරුවෙන් පාර මාරුවෙමින් සිටියදී මතුගම දෙස සිට කළුතර දෙසට ගමන් කළ ට්‍රක් රථයේ ගැටී ඇති බව පොලිසිය කීය.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටී තැනැත්තිය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.

ට්‍රක් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
12
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?