පොලිස්පති ගැන පොහොට්ටුවේ මහලේකම් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය කරුණු වාර්තා කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සහ ඒ තුළින් ඒ ඔහුට තර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් අද (06) මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කළා.

එහිදී එම ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කරන බවත් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසයි.

ඒ, අනුව කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඒකී අවසරය ලබා දුන්නා.

එමෙන්ම සිද්ධිය වාර්තා කළ මාධ්‍ය නාළිකාවලට එම ප්‍රකාශය සම්බන්ධයෙන් සංස්කරණය නොකළ දර්ශන තැටි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා.

ඒ, අනුව ඊට ද අවසරය හිමි වුණා.

එහිදී මධ්‍යයම අපරාධ විමර්ශන ඒකකය ඉල්ලා සිටි සියලුම ⁣නියෝග ලබා දුන් අතර මහෙස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය සැප්තැම්බර් 24 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.

වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආණ්ඩුවට සේවය කිරීම නවතා රජයට සහ ජනතාවට සේවය කළ යුතු බවත්, මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කෑම නිසා මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට තමන් අකැමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13