අයහපත් කාලගුණය නිසා හැටන් ඩිපොවේ දවසක පාඩුව ලක්ෂ 20ක්

පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ හැටන් ලංගම ඩිපොවේ ලක්ෂ 33ක් වූ දෛනික ආදායම ලක්ෂ 10-12ත් දක්වා පහළ වැටී ඇති බව ඩිපෝ කළමණාකාරවරයා කියයි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින දැඩි අයහපත් කාලගුණය සහ ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනා ගමනයට බාධා ඇති වීමෙන් හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම රු.ලක්ෂ 33 සිට රු.ලක්ෂ 10-12ත් දක්වා පහළ බැස ඇති බව හැටන් ලංගම ඩිපොවේ කලමණාකරු පාලිත විරසූරිය පවසනවා.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ, සාමාන්‍ය දිනවල තම ඩිපෝව මගින් දුර සහ කෙටි දුර බස් රථ 75ක් ධාවනයට එක් කරන බවයි.

එම අවස්ථාවල මගීන් 18,000 – 26,000ක් පමණ තම ඩිපෝවේ බස් රථවල ගමන් කළ ද පවතින දැඩි වර්ෂාවත් සමග ගත වූ 03/04/05 යන තෙදින තුල දිනකට මගීන් 9218 – 10000ත් අතර ප්‍රමාණයක් ගමන් කිරිම නිසා මෙම ආදායම් තත්වය පහළ වැටී ඇති බවයි ඩිපෝ කලමණාකාරවරයා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42