පොලිස්පති කියලා නීතිය ලිහිල් නෑ – දේශබන්දු ගැන තොරතුරක් ඇතොත් කියන්න (වීඩියෝ)

‘පොලිස්පති’ ධුරයට මුවා වීම කිසිසේත් ම සිවිල් වැසියෙකුට ක්‍රියාත්මක කරන ආකාරයේ නීතිය බලාත්මක කිරීමට කුමන හෝ අයුරකින් ගැටලුවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් ව තිබියදීත් අතුරුදන් ව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දූරකථන ඇමතුම් ජාලා ඔස්සේ ද පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවයි පොලිසිය පැවසුවේ.

ඔහු සැඟවී ඇතැයි තොරතුරු ලැබුණු සියලු ස්ථාන පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායම් ඔස්සේ සොයා බැලුණ ද ඔහු ගැන කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නැති බව ද බුද්ධික මනතුංග මහතා පැවසුවා.

කිසියම් අයෙකු හිටපු පොලිස්පතිවරයාට සැඟවී සිටීමට සහාය දක්වන්නේ ද ඔහුට එරෙහිව ද දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ නීතිය බලාත්මක කිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟවී සිටින ස්ථානය පිළිබඳ ව යම් තොරතුරක් වෙතොත් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දෙන ලෙස ද ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලීමක් කරනවා.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පැවසුවා.

ඊට අදාළ තහනම පිළිබඳ ව අධිකරණයට යොමු කර; එම උපදෙස් ප්‍රකාරව ගුවන්තොටුපොළ වෙත දැනුම්දීමට පියවර ගෙන ඇති බැවින් ඔහුට රටින් බැහැරව යාමේ හැකියාවක් නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57