පොල් හොරකමේ ආ අයෙකුට වෙඩි ප්‍රහාරයක්

පොල් හොරකම් කිරීම සඳහා ගොස් සිටි කණ්ඩායමක් අතර සිටි අයෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර සදහා සදලංකාව රෝහලට ඇතුළත් කර ඇති බව කොස්වත්ත පොලීසිය පවසනවා.

වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ කොස්වත්ත – පොතුවටවන පදිංචිකරුවෙක්.

පසුගිය 10 වෙනිදා සවස 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොස්වත්ත – පොතුවටවන ප්‍රදේශයේ පිහිටි වත්තකට පොල් හොරකම් කිරීම සදහා ගොස් ඇත.ඔවුන් පොල් හොරකම් කර ආපසු යමින් සිටින විට වත්තේ මුරකරු ඒ බව දැක වෙඩි තබා තිබෙනවා.

එක් අයෙකුට වෙඩි වැදී ඇති අතර,අනෙක් සිව් දෙනා පලා ගොස් ඇති බව පොලීසිය කියයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අය ප්‍රතිකාර නොගෙන නිවසට වී සිට ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කොස්වත්ත පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇති අතර
ඊයේ (11) වෙනිදා සවස පොලීසිය ගොස් තුවාල ලබා සිටි අයගෙන් මේ සම්බන්ධයෙන් විමසා ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

තුවාලකරුගේ පාදයක තිබී කුරුළු මූනිස්සම් 04 ක් ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ වත්තේ ආරක්ෂාව සදහා නිකුත් කර තිබූ බලපත්‍ර සහිත ගිනි අවියකින් බව පොලීසිය විසින් කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51