පොල්තෙල් ව්‍යාපාරිකයෙක්ට පදවියේ දී වෙඩි

පදවිය, මහසෙන්පුර ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ නිවසකට පැමිණි පිරිසක් සිදුකළ වෙඩි ව්‍යාපාරිකයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙක් බවයි පදවිය පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා පොල්තෙල් ව්‍යාපාරයක් පවතවාගෙන ගිය අයෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා ඊයේ (16) රාත්‍රියේ නිවසේ රැඳී සිටිය දී යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පදවිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
2
+1
2
+1
1
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?