පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය මගින් අද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාල මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසිනුයි මෙම වාරණ නියෝගය නිකුත් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, එහි සභාපති මහාචාර්ය ජී .එල්. පීරිස්, මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසකට එරෙහිව මෙම වාරණ නිකුත් කෙරුණා.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස් ඇතුළු නාගරික මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් තමන්ව පක්ෂයෙන් නෙරපීමේ ලිපි නිකුත් කර ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරිය ලබන 24 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35
Video thumbnail
වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා..තිස්සකුට්ටි වැඳලා ජනතාවගෙන් ඉල්ලපු දේ
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33