spot_imgspot_img

පේරාදෙණිය සරසවි සිසුවාගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක්

හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය, පේරාදෙණිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ විසින් සිදු කිරීමෙන් පසු අදාළ විවෘත තීන්දුව ලබාදෙමින් මෘත ශරීරයේ කොටස් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය පීඨය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිසුවාගේ හදිසි මරණ සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකළ බව අප වාර්තාකරු සඳහන් කළා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තිවින් සාහිත්‍යයන් නමැති 23 හැවිරිදි සිසුවා හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගිය 22 වනදා මියගොස් තිබුණා.

මන්නාරම – මුරුක්කන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එම සිසුවා පේරාදෙණිය – ඊරියගම ප්‍රදේශයේ පෞද්ගලික නේවාසිකාගාරයක තවත් සිසුන් දෙදෙනෙකු සමඟ රැඳී සිට තිබෙනවා.

නේවාසිකාගාරයේ සිටිය දී හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් පසුගිය 22 වනදා අලුයම 2.00ට පමණ මොහු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස රෝහල් ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ;අබමින් සිටිය දී පැය දෙකකට පමණ පසු සිසුවා මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?