පේරාදෙණිය සරසවි සිසුවාගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක්

හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය, පේරාදෙණිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ විසින් සිදු කිරීමෙන් පසු අදාළ විවෘත තීන්දුව ලබාදෙමින් මෘත ශරීරයේ කොටස් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය පීඨය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිසුවාගේ හදිසි මරණ සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකළ බව අප වාර්තාකරු සඳහන් කළා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තිවින් සාහිත්‍යයන් නමැති 23 හැවිරිදි සිසුවා හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගිය 22 වනදා මියගොස් තිබුණා.

මන්නාරම – මුරුක්කන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එම සිසුවා පේරාදෙණිය – ඊරියගම ප්‍රදේශයේ පෞද්ගලික නේවාසිකාගාරයක තවත් සිසුන් දෙදෙනෙකු සමඟ රැඳී සිට තිබෙනවා.

නේවාසිකාගාරයේ සිටිය දී හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් පසුගිය 22 වනදා අලුයම 2.00ට පමණ මොහු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස රෝහල් ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ;අබමින් සිටිය දී පැය දෙකකට පමණ පසු සිසුවා මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56