පෙන්ෂන් ඉංජිනේරුවාගේ ගෙදර සුද්ද කළ මෙහෙකාරිය අත්අඩංගුවට

හලාවත, අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ඉංජිනේරුවරයකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 14ක රන් ආභරණ සොරාගෙන තවත් පුද්ගලයෙකු හා එක්ව ඒවා අලෙවි කළ නිවසේ මෙහෙකාර සේවයට සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශ අංශ නිළධාරින් විසින් සැකකාර මෙහෙකාරිය සහ අනෙක් පුද්ගලයා ඊයේ (16) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය හලාවත, ලංසියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වන්නේ.

75 හැවිරිදි විශ්‍රාමික ඉංජිනේරුවරයා තම බිරිද හා දරුවෙකු සමග මෙම නිවසේ පදිංචිව ඇති අතර, සැකකාර මෙහෙකාර කාන්තාව මීට මාස කිපයකට පෙර රැකියාව සදහා අදාළ නිවසට පැමිණ ඇති අතර, ඇය අවස්ථා දෙකක දී මෙලෙස ලක්ෂ 14කට ආසන්න රන් ආභරණ සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සොරාගත් භාණ්ඩ තවත් අයෙකු සමඟ එක්ව සැකකාරිය හලාවත නගරයෙ රන් ආභරණ උකස් ගන්නා ස්ථානයකට විකුණා ඇති බවට හෙළිව තිබෙනවා.

අඩංගුවට ගත් සැකකාර මෙහෙකාරිය සහ අනෙක් සැකකරු අද (17) දින හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
4
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
7
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?