spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙත්සම් විභාගකින් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත් වෙයි

කඳු මුදුන්වල ආගමික සිද්ධස්ථාන ඇතුළු නීතිවිරෝධී ඉදිකිරීම් සිදුකිරීම තුළින් සිදුවන දෘශ්‍ය දූෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාග කිරීමේ කටයුතුවලින් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත් වුණා.

එම පෙත්සම අද (17) සලකා බැලීම සඳහා එස්. යූ.බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව අභියාචනාධිකරණ විනිසුරු කරලියද්ද මහතා නිවේදනය කළා.

ඒ, අනුව අදාළ පෙත්සම නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීම සඳහා නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කඳු මුදුන් වල ආගමික සිද්ධස්ථාන ඇතුළු ඉදිකිරීම් සිදු කිරීම තුළින් විශාල දෘශ්‍ය දූෂණයක් සිදුවන බවයි.

එමෙන්ම කඳු මුදුන්වල පවතින ජල මූලාශ්‍රවලට ද ඉන් බරපතළ අගතියක් සිදුවන බවත් පාංශූ ඛාදනයක් සිදුවන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් අදාළ කටයුතු වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසරය කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?