පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑ නින්දිත කොස්තාපල්වරු

පුද්ගලයකු පැහැරගෙන ගොස් ඔහු සතුව තිබූ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව කෙසෙල්වත්ත පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේ දී මේ බව දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරුවන් හතර දෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දුන්නා.

පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

ඒ අනුව අදාළ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය, පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් නියම කළා.

කෙසෙල්වත්ත පොලිස් වසම තුළදී පුද්ගලයෙකු පැහැරගෙන රුපියල් ලක්ෂ 16ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පිරිස කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39