පුද්ගලයෙක් ඝාතනය කර නිවසේ තිබූ මෝටර් රථය සොරාගෙන ගිහින්

ඊයේ (28) උදෑසන කාලයේ කෑගල්ල, කොස්සින්න ප්‍රදේශයේ දී පුද්ගලයෙක් ඝාතනය කර නිවසේ තිබූ මෝටර් රථය සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.

අදාළ පුද්ගලයා අත් පා ගැට ගසා කටට ප්ලාස්ටර් ගසා මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 75 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ ද නිවසේ සිට ඇති අතර, සැකකරුවන් විසින් ඇයට ද පහර දී ඇති බවයි වාර්තා වුණේ.

පහර කෑමෙන් තුවාල ලබා සිටි ඇය ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් විසින් සොරාගෙන ගිය මෝටර් රථය පින්දෙනිය ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයාගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54