පිළියන්දල පොලිස් වෙඩිල්ලෙන් පසු පලාගිය සැකකරුගේ යතුරුපැදිය සොයාගැනේ

පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ දී අද (19) අලුයම පොලිසියට තියුණු ආයුධයකින් පහර දී පලාගිය සැකකරුගේ යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පිළියන්දල – මහරගම මාර්ගයේ නිවසක් අසල පිහිටි වත්තක දමාගොස් තිබිය දී පොලිසිය විසින් මෙම යතුරුපඩිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

බොරලැස්ගමුව ඕ.පී.පෙරේරා මාවතේ නිවසකට යතුරුපැදි දෙකකින් තියුණු ආයුධ සහිතව පැමිණි පිරිසක් එහි නිවැසියන්ට පහරදී නිවසට බරපතළ හානි සිදුකර ඇති බවට අද (19) අලුයම බොරලැස්ගමුව පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

එම සැකකරුවන් පිළියන්දල දෙසට පලායන බවයි පොලිසියට පසුව තොරතුරු වාර්තා වී තිබුණේ.

ඒ, අනුව පොලීසිය විසින් බෝකුන්දර, වීරසිංහ මාවත ප්‍රදේශයේ රැකවල්ලා සිටිය දී යතුරුපැදියකින් පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය සිටිනවා දැක යතුරුපැදිය ආපසු හරවාගෙන යාමටයි උත්සාහ දරා ඇත්තේ.

එම අවස්ථාවේ දී යතුරුපැදිය නවත්වාගැනීමට පොලිස් නිලධාරින් උත්සාහා කිරීමේ දී යතුරුපැදියේ පිටුපස සිටි පුද්ගලයා තියුණු ආයුධයකින් පොලිස් නිලධාරිට පහර දී තිබුණා.

එහිදී පොලිස් නිලධාරියෙක් පසු පැදිකරු ඉලක්ක කර වෙඩිතබා ඇති අතර, වෙඩි ප්‍රහාරය සැකකරුගේ ඉන ප්‍රදේශයට එල්ලවී ඔහු යතුරුපැදියෙන් බිමට වැටී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදියෙන් වැටුණු පසුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, යතුරුපැදිකරු පලාගොස් තිබුණා.

එලෙස පලාගිය යතුරුපැදිය අතර මඟ දමාගොස් තිබිය දී අද දහවල් මෙලෙස හමු වී තිබෙනවා.

මේ අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ සැකකරු සහ සැකකරුගේ තියුණු ආයුධ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

ඊට අමතරව සැකකරුවන්ගේ පහර කෑමට ලක්වූ නිවසේ තරුණියක් ද එම රෝහලටම ඇතුළත් කර ප්‍රතිකාර ලබනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු බණ්ඩාරගම වීදියගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක් වන අතර, අනෙක් සැකකරුවන් සොයා පිළියන්දල සහ බොරලැස්ගමුව පොලිස් ස්ථාන විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57