පාස්පෝට් ගන්න පුළුවන් අලුත්ම ක්‍රමය මෙන්න

ගමන් බලපත්‍ර පහසුවෙන් ජනතාවට ලබාගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් තුළ පහසුකම් සැලසීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (22) එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය

අයදුම්කරුවෙකුට දින 3ක් තුළ සිය විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇති බව ඔහු පැවසීය

“ගොඩක් අය කතා කරනවා පාස්පෝට් ප්‍රශ්නය ගැන. ඒ ප්‍රශ්නය විසඳන්න අපි ගොඩක් කටයුතු කළා. එකක් තමා අපිට තිබුණ ප්‍රශ්නය මුදල්වලට එපොයිමන්ට්ස් ගන්න එක. මුදල් ලබාගෙන එක එක්කෙනා එපොයිමන්ට්ස් ගන්නවා කියලා රු 20,000 – රු 25,000 වගේ. අපි ඒකට තීරණයක් අරගෙන අපේ බුද්ධි අංශයත් යොදවලා, ගිය සිකුරාදා 16 දෙනෙක් විතර අත්අඩංගුවට ගත්තා.

ඊට කලිනුත් අපි එහෙම අත්අඩංගුවට ගත්තා. අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකුත් අත්අඩංගුවට ගත්තා මේවට සම්බන්ධ. ඉතින් අපි දැඩි ක්‍රියාමාර්ග අරගෙන ඒක නවත්වනවා. අනිත් එක ඒ ප්‍රශ්නය විසඳන්න එන මාසයේ තැන් 50ක ඡායාරූප ගැනීම, ඇඟිලි සලකුණු වැනි දේවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ස්ථාපිත කරනවා.

එතකොට කාටවත් මෙහෙට එන්න ඕනේ නෑ. දවස් තුනක් ඇතුළත කෙලින්ම පාස්පෝට් එක ගෙදරට එවනවා. ඒ වගේම ඉදිරියේ දී ඊ පාස්පෝට් එක හඳුන්වලා දෙනවා. කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත්කරලා තියෙනවා. මේ වසර ඇතුළත දී ඊ පාස්පෝට් එක ලබාදෙන්න කටයුතු කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
3
+1
30
+1
4
+1
3
+1
10
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
00:00
Video thumbnail
චාමරගේ පැමිණීමෙන් කැම්බල් පිටියම දෙදරා යයි..චාමර මහ ජන ගඟක් එක්කම රැළියට
02:54
Video thumbnail
ගජරාමෙට ගහලා රැළියට ආ අන්කල් තව ටිකෙන් බස් එකෙන් බිම..බත් පැකට් එකයි බෝතලෙයි අරගෙන යන හැටි
01:53
Video thumbnail
සජබයේ වේදිකාවට ගොඩවුණු ආනන්ද පාලිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:54
Video thumbnail
චාමර අතත් වනාගෙන සෙනඟ මැදින් රැළියට එයි..ඇඟ වගේම වැඩ..වැඩ වගේම හැඬ
08:54
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46
Video thumbnail
ලාල්කාන්ත මහ සෙනඟක් එක්ක ගැම්මට කිව්ව දේ..අපේ බලය, අනිත් ප්‍රතිවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ
02:39
Video thumbnail
මේ ආණ්ඩුව ආයේ දශක ගණනාවකට හොල්ලන්න බෑ..අපි 3% ඉන්නකොටත් පිරෙව්වා ගෝල්ෆේස්..දැන් එතනත් මදි
15:40
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29