පාස්කු ප්‍රහාරයේ 11 වැනි විත්තිකරු කළ පාපොච්චාරණය ගැන උසාවියෙන් නියෝගයක්

පාස්කු බෝම්බ ප්‍රහාර මලාව සම්බන්ධයෙන් කොළඹ ත්‍රි – පුද්ගල මහාධිකරණය හමුවේ විභාගය වන නඩුවේ 11 වන විත්තිකරු වන කලීඩ් සමීන් නමැත්තා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ කළ පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් කළ පාපොච්චාරණයක් බව නිගමනය කළ අධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එවකට ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරයාට අද (24) නොතීසි නිකුත් කළා.

නඩුව අද දින දමිත් තොටවත්ත, අමල් රණරජා, සහ නවරත්න මාරසිංහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එහි 11 වන විත්තිකරු වන කලීඩ් සමීන් නමැත්තා ඔහුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදිය යුතු බව පවසා තිබෙනවා.

ඒ අනුව ඔහු මහේස්ත්‍රාත්වරයා හමුවේ පාපොච්චාරණයක් කර ඇති අතර එම ප්‍රකාශය ස්වෙච්ඡාවෙන් කළ එකක් ද එසේත් නැතිනම් කිසිවෙකුගේ බලපෑමක් මත කළ ප්‍රකාශයක් ද යන්න විමර්ශන නිලධාරීන් විසින් විමර්ශන සිදු කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විමර්ශන ප්‍රගතිය අද දින අධිකරණයට දැන්වු අතර ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් සිදු කළ එකක් බව නිගමනය කළා.

එබැවින් එම ප්‍රකාශය රජයේ සාක්ෂියක් බවට පත් කිරීමට තීරණය කළ විනිසුරු මඬුල්ල විත්තිකරු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා එවකට හිටපු ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාට නොතීසී නිකුත් කරන ලෙස නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16