පාස්කු ප්‍රහාරයේ 11 වැනි විත්තිකරු කළ පාපොච්චාරණය ගැන උසාවියෙන් නියෝගයක්

පාස්කු බෝම්බ ප්‍රහාර මලාව සම්බන්ධයෙන් කොළඹ ත්‍රි – පුද්ගල මහාධිකරණය හමුවේ විභාගය වන නඩුවේ 11 වන විත්තිකරු වන කලීඩ් සමීන් නමැත්තා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ කළ පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් කළ පාපොච්චාරණයක් බව නිගමනය කළ අධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එවකට ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරයාට අද (24) නොතීසි නිකුත් කළා.

නඩුව අද දින දමිත් තොටවත්ත, අමල් රණරජා, සහ නවරත්න මාරසිංහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එහි 11 වන විත්තිකරු වන කලීඩ් සමීන් නමැත්තා ඔහුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදිය යුතු බව පවසා තිබෙනවා.

ඒ අනුව ඔහු මහේස්ත්‍රාත්වරයා හමුවේ පාපොච්චාරණයක් කර ඇති අතර එම ප්‍රකාශය ස්වෙච්ඡාවෙන් කළ එකක් ද එසේත් නැතිනම් කිසිවෙකුගේ බලපෑමක් මත කළ ප්‍රකාශයක් ද යන්න විමර්ශන නිලධාරීන් විසින් විමර්ශන සිදු කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විමර්ශන ප්‍රගතිය අද දින අධිකරණයට දැන්වු අතර ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් සිදු කළ එකක් බව නිගමනය කළා.

එබැවින් එම ප්‍රකාශය රජයේ සාක්ෂියක් බවට පත් කිරීමට තීරණය කළ විනිසුරු මඬුල්ල විත්තිකරු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා එවකට හිටපු ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාට නොතීසී නිකුත් කරන ලෙස නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12