පාස්කු නඩුවෙන් නිදහස් වූ එක් අයෙක් තමවත් බන්ධනාගාරයේ – ඉතුරු පිරිස නිවෙස් වෙත

2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම ඇතුළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් 09 දෙනාගෙන් 08 දෙනෙකු බන්ධනාගාරයෙන් පිටව ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න සඳහන් කරනවා.

එක් පුද්ගලයකු වෙනත් නඩුවක් සඳහා තවමත් බන්ධනාගාරගතව සිටිය යුතු බැවින් මෙම නඩුවෙන් නිදහස් කලද නිවෙසට යාමට හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ඉකුත් 22 වැනිදා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල බන්ධනාගාරයට නියෝග කළේ එම නිදහස් කළ විත්තිකරුවන්ගේ වෙනත් නඩු කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කළ බලා ඔවුන්ව බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙසයි.

එමෙන්ම නිදහස් කළ බවට සියලුම ලේඛන ගාස්තු රහිතව ලබා දෙන ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කළා.

ඊට හේතුව ලෙස විනිසුරු මඩුල්ල දන්වා සිටියේ සිය ගම් බිම් ලට ගොස් ඔවුන්ට තමන් නඩුවෙන් නිදහස් කොට නිදහස් කළ බව පෙන්වීමට හැකිවන ලෙසයි.

එදිනම නඩුවේ තීන්දුව ප්‍රකාරව විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට වසර 260 දක්වා සිර දඬුවම් නියම කිරීමටද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් සැප්තැම්බර් 22 වන දා තීන්දු කළා.

ඔවුන් සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල බන්ධනාගාරයට නියෝග කර සිටියේ ඔවුන්ව සුදුසු බන්ධනාගාරයක රඳවන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි පියවර ගන්නා ලෙසයි.

පුරා වසර 6කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ඉකුත් 22 වැනිදා ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නඩු විභාගයේදී ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය තීන්දු කරනු ලැබුවා.

මෙසේ නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් වන්නේ මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්), මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබු මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා), අමීන් අයන්තුල්ලා, මොහොමඩ් අන්සාර්දීන් හිල්මි සහ මොහොමඩ් අක්‍රම් අහක්කම් යන අයයි.

මෙම විත්තිකරුවන් 9 දෙනාට එරෙහිව ඉදිරිපත් වී ඇති සාක්ෂිවලින් ඔවුන් වරදකරුවන් කිරීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ අනුව ඔවුන් නිදොස් කොට නිදහස් කරන බව නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06