පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිත කාන්තාවකගෙන් හිටපු ජනපතිට එරෙහි ව චෝදනාවක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහි ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන රිට් පෙත්සම හරහා ඔහු අපරාධ යුක්ති ක්‍රියාදාමය මගහැර යාමට තැත් කොට ඇතැයි එම ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත් කාන්තාවක් විසින් අද අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් තමන්ට එරෙහි ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගොනු කළ රිට් පෙත්සම අද විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී අදාළ ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත් වූ සෙල්ලසාමි ප්‍රේමලෝගිනි නමැති කාන්තාවක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් මේ බව කියා සිටියා.

මෙම පෙත්සම විනිසුරු සෝභිත රාජකරුණා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදියි කැඳවනු ලැබුවේ.

එම අවස්ථාවේදී අදාළ වින්දිත තැනැත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් පාස්කු ඉරුදින කොච්චිකඩේ දේවස්ථානයේ සිදු කෙරුණු බෝම්බ ප්‍රහාරයෙන් සිය සේවාදායිකාවගේ සැමියා වන ජෝර්ජ් චන්ද්‍රසේකරන් නමැත්තා මියගොස් ඇයගේ දරුවන් දෙදෙනා දැඩි ශ්‍රවණාබාධිත තත්ත්වයකට පත්ව සිටින බව කියා සිටියා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය රාජකාරිය බලවත් ලෙස පැහැර හැර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් තීන්දුකර ඇති බව නීතිඥවරයා අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

එසේ තිබියදී තමාට එරෙහි ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීම තුළින් හිටපු ජනාධිපති සිරිසේන අපරාධ යුක්ති ක්‍රියාදාමයෙන් පලා යෑමට උත්සාහ කර තිබෙන බවත් නීතිඥවරයා චෝදනා කර සිටියා.

හිටපු ජනාධිපතිවරයා ගොනු කළ මෙම රීට් පෙත්සමේ අවසන් තීන්දුවෙන් තම සේවාදායිකාවට සෘජුව ම බලපෑමක් සිදු වන බැවින් ඊට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් වින්දිත තැනැත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම යළි නොවැම්බර් මස 21 වැනිදා කැඳවීමට අධිකරණය විසින් දින නියම කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර ඇතැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහි ව සිරිල් ගාමිණී පියතුමා සහ අදාළ ප්‍රහාරයෙන් වින්දිතයෙක් බවට පත් ජේසුරාජ් ගනේෂන් යන අය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ල සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හිටපු ජනාධිපති සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කළා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ කොමිෂන් වාර්තාව පදනම් කරගෙන තමන්ට එරෙහි ව මේ ආකාරයෙන් පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීම නීතියට පටහැනි බවත්; එබැවින් එම පෞද්ගලික පැමිණිල්ල බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් හිටපු ජනාධිපතිවරයා විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39