අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජනවාරි 21- පාසල් පවත්වන වේලාවේ වෙනසක් නැහැ

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙම තීරණය ගත් බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව, 2026 වසර තුළ 5 -13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 – ප.ව 1.30 ලෙස නොවෙනස් ව පවතිනවා.

එමෙන්ම රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය සඳහා ජනවාරි 5 දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 07ක් බව සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යාංශය එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45 ක් වෙන් කර ඇති බවයිසඳහන් කළේ.

එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී ක්‍රියාත්මක බව දැනුම් දෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස, 2026 ජනවාරි 21 වන දින ආරම්භ වීමට නියමිතයි.

1 ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 5 වන දින ආරම්භ වන අතර, විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2026 ජනවාරි 29 වන දිනයි.

1 ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර සිසුන්ට ලබාදී අවසන් කිරීමට කටයුතු සළසා තිබෙනවා.

අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළ පොත් මේ වන විට බෙදා අවසන් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
2
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26