පාසල් ඇරැඹීමේ සූදානමක්

හත්ලක්ෂයක් පමණ වන එකොළහ, දොළහ සහ දහතුන ශ්‍රේණිවල සිසුන්ට කොවිඩ් එන්නත් ලබා දී පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ (27 වැනිදා) පැවැසීය.පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම ගුරුවරුන්ට මෙන්ම පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද එන්නත් ලබාදෙන බවත් එම දෙපාර්ශ්වයේම සිටින්නේ දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ පිරිසක් බවත් ලේකම්වරයා කීවේය.

හැකි ඉක්මනින් එන්නත් ලබාදීමට හැකි වුවහොත් ජූලි මස දී පාසල් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ මහාචාර්යවරයා කෙසේ වුව ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාලවකවානුවක් කිව නොහැකි යැයි ද සඳහන් කළේය. එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට නොහැකි වුවහොත් එක් මාත්‍රාවක් ලබා දී හෝ පාසල් ආරම්භ කිරීම අරමුණ යැයි ද ඔහු කීවේය.

දැනට දින නියම කර ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග තවදුරටත් කල් දැමීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති යැයි ද ඒ පිළිබඳ තීරණයක් ගැනෙන්නේ ඉදිරියේ දී උද්ගත වන තත්ත්වයන් මත යැයි ද ලේකම්වරයා සඳහන් කළේය.
පාසල් ආරම්භයට පෙර සිසුන්ටත් එන්නත

පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට එන්නත් ලබා දිය යුතු බව ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබූ අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු පවත්වා ගෙන යාමට අදාළව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ද අමාත්‍යාංශයට පසුගිය සතියේ යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර පාසල් ආරම්භයට පෙර සිසුන්ටත් එන්නත ලබා දිය යුතු බවට වන යෝජනාවක් ද එහි අන්තර්ගත විය.

නිලන්ත මදුරාවල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15