පාසල්වල පළමු වසරේ සිට ඉංග්‍රීසි කථනය ශක්තිමත් කිරීමේ නව වැඩ පිළිවෙලක්

පාසලේ පළමු වසරේ සිට දරුවන් තුළ ඉංග්‍රීසි කථනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ලබන වසරේ සිට ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සඳහා සියලු පළාත් නියෝජනය වන අයුරින් රජයේ පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරුවරුන් 13,500කට ආසන්න පිරිසක් පුහුණු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම පුහුණු කිරීම් කටයුතු සිදුකරනු ලබනවා.

මේ අතර ඉංග්‍රීසි මාධ්‍ය පාසල් පෙළ පොත්වල පවතින ව්‍යාකරණ දෝෂ පිළිබඳව පසුගියදා රැස් වූ අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාවේ දී අවදානය යොමු වුණා.

එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව රැස්වූ අතර, විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලාවන් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඉගැන්වීම පිළිබඳව ද මෙහිදී සකච්ඡා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12