spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු මන්ත්‍රීනියගේ පදේට නටපු නැති රත්නපුර DIG ප්‍රියන්ත ලියනගේට ස්ථාන මාරුවක්

රත්නපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.
එයට හේතුවී තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතා ප්‍රිශාන්තිද සොයිසා විසින් කළ ඉල්ලීමක්.

මන්ත්‍රීවරිය විසින් පවසා තිබෙන්නේ සැරයන්වරයෙකුට ස්ථාන මාරුවක් ලබාගැනීම සඳහා තමන් විසින් අදාල නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකථන ඇමතුමක් ලබාගත් අවස්ථාවේදී පොලිස්පතිවරයා ක්‍රියාකළ ආකාරයෙන් තමන් අපහසුතාවයට පත්වූ බවයි.

අදාල ලිපියේ එය මෙලෙස සඳහන් කර තිබුණා.

2023-03-05 දින පොලිස් සැරයන්වරයෙකුගේ ස්ථාන මාරුවක් පිළිබදව කථා කිරීමට මා විසින් රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ( ප්‍රියන්ත ලියනගේ මහතාට ) දුරකථන ඇමතුමක් ලබා ගත් අතර ඔහු විසින් කිසිම සවන් දීමකින් තොරව ඔහුගේ අදහස් ප්‍රකාශ කොට දුරකථනය විසන්ධි කරන ලදි.

මීට පෙරද ඔහුගේ මෙවන් ක්‍රියාකලාපයන් හේතුවෙන් ජනතාව ඉදිරියේ මා දැඩි ලෙස අපහසුතාවයට පත්වන ලදි.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස් නිළධාරින්ට කිසිදු මානුෂියභාවයකින් තොරව ඒකාධිපතිත්වයෙන් කටයුතු කරන බවද මා වෙත නිරන්තරයෙන් දන්වා ඇත.

එම ලිපිය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?