අක්කාගේ විවාහ මංගල දිනයේ රිය අනතුරකින් මල්ලී මිය යයි (ඡායාරූප)

සිය එකම සහෝදරියගේ විවාහ මංගල්‍යයේ සුබපැතුම්පත් හා මංගල ඡායාරූපය යතුරුපැදියෙන් රැගෙන එමින් සිටියදී සිදුවූ අනතුරකින් මනාලියගේ සහෝදරයා මියගොස් මනාලයාගේ පියා බරපතල තුවාල ලබා තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි හඳපාන්ගොඩ ජාතික පාසලේ 10 වන වසරේ ශිෂ්‍ය නායකයකු ලෙස කටයුතු කළ 15 හැවිරිදි සිසුවෙක්.

මනාලියට සිටින එකම සහෝදරයා ද මියගිය සිසුවා බවටයි අනාවරණ වී ඇත්තේ.

විවාහ මංගල්‍යය දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් ඊයේ (25) පවත්වා ඇති අතර, චාරිත්‍රානුකූලව මනාලිය මනාලයාගේ නිවසට යවා මනාලයාගේ පියා සහ මනාලියගේ සහෝදරයා සුබ පැතුම්පත් සහ මංගල ඡායාරූප රැගෙන යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

ඔවුන් දෙදෙනා රැගත් යතුරුපැදිය බෑවුම් ප්‍රදේශයක දී පාලනය කර ගත නොහැකිව කාණුවකට වැටී අනතුරුව කොන්ක්‍රීට් ලෑල්ලක ගැටී තවත් මීටර් පහළොවක් පමණ ඉදිරියට ඇදී ගොස් කොස් ගසක ද ගැටීමෙන් අනතුර සිදු වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඔවුන් දෙදෙනා රැගත් යතුරු පැදිය කාණුවට වැටීමට පෙර අන්නාසි ගස් කිහිපයක ගැටී ඇති අතර එහි තිබූ අන්නාසි ගෙඩියක් මීටර් හැටක් පමණ දුරකට විසිවී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා සහ අනෙක් පුද්ගලයා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මිය ගොස් ඇතැයි සඳහන්.

මනාලයාගේ පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
2
+1
45
+1
16
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?