පාණ්ඩ්‍යා යළිත් මුම්බායි පවුල සමඟ එක්වීමේ සූදානමක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා යළිත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් හෙළි නොකළ හුවමාරු ගාස්තුවක් හර්දික් පාණ්ඩ්‍යා වෙත ගෙවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගනුදෙනුව සිදුවුව හොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ විශාලතම ක්‍රීඩක ගනුදෙනුව මෙය වනු ඇති බවයි.

2015 වසරේ දී අයි.පී.එල්. ගමන ආරම්භ කළ හර්දික් පාණ්ඩ්‍යා එම වසරේ සිට 2021 වසර දක්වා මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්ව සිටියා.

කෙසේ වෙතත් 2022 වසරේ මෙගා වෙන්දේසියකටම පෙර හර්දික් පාණ්ඩ්‍යා කණ්ඩායමෙන් නිදහස් කිරීමටයි මුම්බායි ඉන්දියන්ස් කටයුතු කළේ.

එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඔහු 2022 තරගාවලියේ දී නායකයා ලෙස කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 15කට එක්කර ගනු ලැබුවා.

එහිදී පාණ්ඩ්‍යා 2022 සහ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි දෙක තුළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර, 2022 වසරේ ශූරතාවය තම කණ්ඩායමට හිමිකරදීමට ද ඔහුට අවස්ථාව උදාවුණා.

නිමා වූ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අනුශූරයින්වීම දක්වා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙහෙයවූයේ ද පාණ්ඩ්‍යා විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
3
+1
0
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20