පාණ්ඩ්‍යාගේ දැවැන්ත හයෙන් මුම්බායි පිළ දෙවන ජයටත් හිමිකම් කියයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඊයේ (11) රාත්‍රියේ හැකියාව ලැබුණා.

රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම සමඟ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් මුම්බායි පිළ ජයගත්තේ කඩුලු 07කින්.

තරගයේ කාසිය වාසිය දිනූ මුම්බායි ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 196ක් සිය ලකුණු පුවරුවට එක්කළා.

එහිදී නායක ෆාෆ් ඩු ප්ලෙසිස් ලකුණු 61ක් රැස්කළ අතර, රාජත් පටිදාර් අර්ධ ශතකයක් වාර්තා කරමින් බැංගලූරු ඉනිම ශක්තිමත් කළා.

බැංගලූරු ඉනිම ලකුණු 196 සීමාව කරා රැගෙන යාමට අවසන් පන්දුව තෙක් සුපිරි පිත් හරඹයක නිරත වූ දිනේෂ් කාර්තික් පන්දු 23ක දී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 53ක්.

පන්දු යැවීමේ දී මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීම මෙම තරගයේ දී වාර්තා කරමින් පන්දුවාර 04 තුළ ලකුණු 21කට බැංගලූරු කඩුලු 05ක් බිඳ දමන්නට ජස්ප්‍රිත් බුම්රා සමත් වුණා.

අනතරුව ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මුම්බායි ආරම්භක පිතිකරුවන් වේගවත් සාර්ථක ආරම්භයක් ලන දුන්නා.

එහිදී ආරම්භ පිතිකරු ඉෂාන් කිෂාන් වේගවත් ලකුණු 69ක් පන්දු 34ක් තුළ රැස්කළා.

ඉෂාන් කිෂාන් මුම්බායි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවියාමෙන් පසු සූර්යකුමාර් යාදෙව් පිටියට පිවිසි අතර ඔහු පන්දු 19කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 52ක් රැස්කරමින් මුම්බායි ලකුණු පුවරුව ශක්තිමත් කළා.

15 වන පන්දුවාරයේ තුන්වන පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් නායක හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුණා.

ඒ, අනුව පන්දුවාර 15යි පන්දු 03ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙම තරගය ජයගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තවත් එක ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 07වන ස්ථානය දක්වා පැමිණීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51