පාකිස්ථාන හමුදා බංග්ලාදේශයේ සිදුකළ ජන සංහාරයට යුක්තිය ඉල්ලා යුරෝපයෙන් හඬක්

1971 දී පකිස්ථාන හමුදාව විසින් සිදුකරන ලද ජන සංහාරය වහාම ජාත්‍යන්තරව පිළිගන්නා ලෙස යුරෝපීය බංග්ලාදේශ  සංසදය ඉල්ලා සිටිනවා.

යුරෝපීය බංග්ලාදේශ සංසදය විසින් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන පාසලේ සංවිධානය කරන ලද ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී, 1971 දී සිදුකරන ලද ජන සංහාරය වහාම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ඊට එක්වූ කථිකයන් ඔවුන්ගේ ඉල්ලීම නැවත අවධාරණය කළා.

යුරෝපීය බංග්ලාදේශ සංසදය යනු යුරෝපයේ බංග්ලාදේශ ඩයස්පෝරාව සඳහා වන වේදිකාවක්.

මෙම උත්සවයේදී කථිකයන් ප්‍රකාශ කළේ ඉහළ පෙළේ ජාත්‍යන්තර ප්‍රජාවන් අතර පවතින භූ-දේශපාලන සීතල යුද්ධය හේතුවෙන් මෙම ඓතිහාසිකව ඔප්පු කරන ලද ජන සංහාරය මෙතෙක් ජාත්‍යන්තරව හඳුනාගෙන නොමැති බවයි.

1971 ජන සංහාරයට ගොදුරු වූ මිලියන සංඛ්‍යාත පිරිමින් සහ කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම ජන සංහාරයේ යුක්තිය තවමත් අහිමි වී ඇත්තේ යුග ගණනාවක් පුරා පකිස්ථානයේ දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ව්‍යාපාර හේතුවෙන් බවයි එම කථිකයින් පෙන්වා දුන්නේ.

එබැවින් ලෝකයේ සෑම ප්‍රදේශයකම සමූලඝාතනවලට සහ වධහිංසාවලට ගොදුරු වන සියලුම ජනවර්ග එකම වේදිකාවකට පැමිණ තම සාධාරණ අයිතීන් සහ යුක්තිය ඉල්ලා සිටිය යුතු කාලය මෙය බව මෙම සම්මන්ත්‍රණයේ දී අවධාරණය කෙරුණා.

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණු වූයේ 1971 දී පකිස්තානය විසින් සිදුකරන ලද බංග්ලාදේශ ජන සංහාරය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම සඳහා වන ඉල්ලීම වෙනුවෙන් මෙම ගැටලුව පිළිබඳ බ්‍රිතාන්‍ය සහ යුරෝපීය දේශපාලනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ විද්වතුන් දැනුවත් කිරීමයි.

1971 බංග්ලාදේශ විමුක්ති යුද්ධයේදී බ්‍රිතාන්‍යය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබුණා. 

එම කාලය තුළ එවක විදේශ කටයුතු තේරීම් කාරක සභාවේ සභාපති ශ්‍රීමත් පීටර් ෂෝර් මන්ත්‍රීවරයා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේ පාකිස්ථානයේ සාහසික ක්‍රියා හෙළා දකිමින්.

1971 බංගලාදේශයේ ‘ජන සංහාරය’ නවතා ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 233 කට වැඩි පිරිසක් පසුව තවත් යෝජනාවක් ඉදිරිපත් කළ බව ද මෙහිදී සිහිපත් කෙරුණා.

බංග්ලාදේශයේ ජන සංහාරය සැලකෙන්නේ 20 වැනි සියවසේ දක්නට ලැබුණු දරුණුතම සමූහ ම්ලේච්ඡ ක්‍රියාවලින් එකක් ලෙසයි.

බංග්ලාදේශ රජයට අනුව, දළ වශයෙන් මිලියන තුනක ජනතාවක් මරා දැමූ අතර, කාන්තාවන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවකගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබුණා.

තවත් මිලියන දහයක ජනතාවකට දේශසීමා හරහා ගොස් ඉන්දියාවේ නවාතැන් ගැනීමටයි  බල කෙරුණේ.

අවාසනාවකට බංග්ලාදේශ ජන සංහාරය අද ඉතිහාසයේ අමතක වූ පරිච්ඡේදයක් බවට පත්ව ඇති බව යුරෝපීය බංග්ලාදේශ සංසදයේ අදහසයි.

ඔවුන් ඉල්ලා සිටියේ 1971 ජන සංහාරය ජාත්‍යන්තරව පිළිගත යුතු අතර හිංසාවලට ගොදුරු වූවන්ට යුක්තිය ඉටු කිරීමට කටයුතු කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47