පාකිස්තානය බංග්ලාදේශයට වඩා ලකුණු 66ක් ඉදිරියෙන්

බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම පන්දුවට පහරදෙන පාකිස්තාන කණ්ඩායම මේ වනවිට (02) කඩුලු 03ක් දැවී ලකුණු 51ක් ලබාගෙන සිටිනවා.

තරගය පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර; අද තරගයේ සිව්වැනි දිනයයි.

දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක Najmul Hossain Shanto පළමු ව පන්දුවට පහරදීමට පාකිස්තානයට ඇරයුම් කළා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 274ක් රැස් කරගැනීමට සමත් වුණා.

සිය පළමු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබාගත්තේ ලකුණු 262ක් පමණි.

සිය දෙවැනි ඉනිම බංග්ලාදේශයට වඩා ලකුණු 12කින් ඉදිරියෙන් සිටිමින් ඇරඹූ පාකිස්තාන කණ්ඩායම මේ වනවිට තවත් කඩුලු 07ක් අතැතිවයි ලකුණු 53ක් ලබාගෙන සිටින්නේ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 66ක් ඉදිරියට යමින්.

සිව්වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින්නේ ශාන් මසූඩ් සමගින් බාබර් අසාම්.

පාකිස්තානයේ දෙවැනි ඉනිමෙහි කඩුලු 02ක් හසාන් මහම්මුද්ටත්, ටස්කින් අහමඩ්ට එක් කඩුල්ලක් ද බෙදී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30