ප්‍රාථමික සෞඛ්‍ය නංවන්න මුර කුටි හදන බලධාරීන් (වීඩියෝ)

බාල ඖෂධ ගෙන්වීම් හරහා රෝගීන් මරණයට පත්කිරීම්, රජයේ රෝහල්වල ඖෂධ හිඟය හේතුවෙන් ඇති කර තිබෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක් හේතුවෙන් මෙරට ජනතාව නොවිඳිනා දුකක් විඳින බව රහසක් නොවේ.

රටේ ජනතාව එවන් පීඩාකාරී පසුබිමක සිටියදීත් ප්‍රාථමික සෞඛ්‍ය නගා සිටුවීමට ලැබුනු විදෙස් ප්‍රතිපාදන සමඟ බාල් නටන පළාත් සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් පිළිබඳවයි දසත නිවුස් මේ අනාවරණය.

දශක ගණනාවකට පෙර ඉදිකර ඇති වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කාර්යාලය මේ වනවිට දක්නට ලැබෙන ආකාරය ඉතා ශෝචනීයයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වහලය මත රෝපනය වන ගස් තව නොබෝ දිනකින් විසල් වනස්පතීන් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අතින් ගලවා දැමිය හැකි මේවා ඉවත් නොකර ඉදිරියේදී ඒ්වා කපාදැමීමට ද ටෙන්ඩර් කැඳවුව හොත් එය විමතියට කරුණක් නොවන්නේ මේ වනවිට පළාත් සෞඛ්‍ය බලධාරීන් සිදුකරන අඳ බාල ක්‍රියාවන් හේතුවෙන්.

ගොඩනැගිල්ල මෙසේ දිරාපත්වුව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ පිටුපස පිවිසුම් දොරටුව සඳහා වී.අයි.පී. වර්ගයේ දොරටුවක් ඉදිකරනු ලබනවා.

රුපියල් මිලියන 12ක පමණ වියදමක් පෙන්වා ඉදිකෙරෙන මේ අති විශාල පිවිසුම් දොරටුව මේ දිනවල ලහි ලහියේ ඉදිකරමින් පවතිනවා.

මෙම ඉදිකිරීම් සඳහා වෙන් වෙන් වශයෙන් මුදල් වෙන් කර ඇති බව වාර්තා වන අතර මුර කුටි ඇතුළු බැරියර් දෙකක් ද මෙහි ස්ථාපිත කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

පළාත් සෞඛ්‍ය කාර්යාලයේ ඉහළ බලධාරීන් සඳහන් කරන්නේ මෙහි සේවකයන් රාජකාරී වේලාවන් තුල ආයතන පරිශ්‍රයෙන් පිටතයාම වැලැක්වීම සදහා ආරක්ෂකයින් සහිත මෙවැනි දොරටුවක් ඉදිකරන බවයි.

කෙසේ වෙතත් දසත නිවුස් මේ පිළිබඳ කළ සොයාබැලීමකදී හෙළිවුයේ ප්‍රාථමික සෞඛ්‍ය දියුණු කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ලැබී ඇති විදෙස් ප්‍රතිපාදනයක් හරහා මෙම ඉදිකිරීම් සිදුකරන බවයි.

ප්‍රාථමික සෞඛ්‍ය දියුණු කිරීමට පළාත් සෞඛ්‍ය බලධාරීන් වෙත ලැබුනු විදෙස් ප්‍රතිපාදන මෙවැනි අඳබාල වැඩ සඳහා යොදවන්නේ වයඹ පළාතේ රෝහල් ඖෂධවලින් සුඛිත මුදිත කිරීමෙන් පසුවද යන්න විමසා බැලිය යුතුම කරුණක්.

විදෙස් ප්‍රතිපාදන වෙන්ව ඇත්තේ ප්‍රාථමික සෞඛ්‍ය නගාසිටුවීමට නම් එම ප්‍රතිපාදන මෙවැනි අඳ බාල ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන්නේ කාගේ වුවමණාවටද?

මෙරට මහජනතාවගේ සෞඛ්‍ය නඟා සිටුවීම වෙනුවෙන් වෙන් කෙරෙන අරමුදල් ගසාකැම සඳහා මෙවැනි ඵල රහිත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනා සෞඛ්‍ය බලධාරීන් ඒ වෙනුවෙන් මහජනතාවට වග කිව යුතු නොවේද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08